වැඩබලන ජනාධිපති තනතුර සඳහා නම් කිහිපයක්ම මේ වන විට යෝජනා වී තිබෙනවා.
දැනට අගමැති වන රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවන් වන සරත් ෆොන්සේකා හා පාඨලී චම්පික රණවකගේ නම් ඒ අතර ඉදිරියෙන්ම තිබෙන බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වන්නේ.
එමෙන්ම අගමැති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායකගේ නම් ද යෝජනා වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත්තේ මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අගමැති ධුරය භාරදිය යුතු බවයි.
එමෙන්ම දේශපාලන පක්ෂ කිහිපයකගේ සහභාගිත්වයෙන් ඊයේ (10) පැවැති සාකච්ඡාවකදී කතා වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති සහ අගමැති ධුරවලට නම් කල යුතු බවටයි.
Published in Political