Press "Enter" to skip to content

දින 30න් පසු ජනපති ධම්මික?; අරගලේ බැසිල්ගේ වාසියට?

පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගන්නා ලද තීන්දු හේතුවෙන් ජනතා බලාපොරොත්තු බිඳ වැටීමේ අදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ කතානායකවරයා දින 30ක කාලයක් සඳහා පමණක් ජනාධිපති ධූරයට පත් කිරීමට ගත් තීන්දුවත් ඉන් අනතුරුව ජනපතිවරයා සතු ඉදිරි කාලයට ජනපතිවරයකු පත්කර ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව වීම නිසාය.

මේවන විටත් වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිර්මාතෘ ධූරය දරණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට (පොහොට්ටුවට) වීම නිසාය. 

ඒ අනුව, මීළඟ ජනාධිපතිවරයා ලෙස පොහඅපට්ටු පක්ෂය විසින් සිය අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නම් කිරීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.

කෙසේවුවද, සර්වපාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයද සියලු පක්ෂවල එකඟතාවය මත නම් කෙරෙන අතර එහිද වැඩි පක්ෂ ගණනක බලයක් ඇත්තේ පොහොට්ටු පක්ෂයට වීම නිසා එහි වැඩි වාසියක්ද ඔවුන් සතු බව වාර්තා වේ.

පක්ෂ නායක රැස්වීමෙන් පසුව එම රැස්වීමේදී සිදු කෙරුණු යෝජනා හා එහිදී ගත් තීන්දු පිළිබඳව කථානායකවරයා නිල වශයෙන් ජනාධිපතිවරයාට දන්වා ලිපියක් යවා තිබේ.

එය පහත දැක්වේ. 

Parliament 22 07 10

source = srilankamirror.com

More from GossipMore posts in Gossip »