Press "Enter" to skip to content

ගෝඨාට අයිති දේ ගෝඨාට දීම වරදක්ද?

දේශබන්දු තෙන්නකෝන්ගෙන් මුඛ පූට්ටු වෙන ප්‍රශ්නයක්

ඊයේ(09) ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළුවීමෙන් පසු විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැදී සිටියේ යැයි කියැවෙන කාමරයේ අල්මාරියේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් හමුවී ඇත.

එම මුදල සිසුන් විසින් ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට ඒ මොහොතේ සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නැමැති නිලධාරියාට භාරදීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔහු එම මුදල භාර නොගෙන ඒ බව කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ ට දැනුම් දීමත් සමඟ ඔහු ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් හමුවූ ස්ථානය වීඩියෝ ගතකර සිසුන් 05 දෙනෙකුගේ ප්‍රකාශ ද සටහන් කරගෙන මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම අපට වාර්තා වුවේ එම මුදල් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියදී ඊයේ රාත්‍රීයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසියේම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ‍දෙමින් පවසා ඇත්තේ එම මුදල් පිළිබද කිසිදු සටහනක් පොලිස්පොත්වල නොතබා වහාම හෙට උදෑසන වන විට පොලීසිය භාර ඇමතිවරයාට භාරදෙන ලෙසටයි

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් “තමුසේ මම කියපු දේ කරනවා“ යැයි එහිදී දේශබන්දු තෙන්නකෝන් විසින් පවසා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කලා.

පොලිස්පතිවරයාගේ අනුමැතියෙන් තොරව එම මුදල් පිටස්තර කිසිවෙකුත් අතට පත් නොකරන ලෙස එහිදී පොලිස් මූලස්ථානයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කලේ මෙම මුදල ජනාධිපති වරයාගේ පෞද්ගලික මුදලක් වන බැවින් අදාල මුදල එම පාර්ශ්වයන්ට බාරදෙන ලෙසට ඔහු පැවසූ බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සාමාන්‍ය පුරවැසියකුගේ මුදලක් හමුවූවි පොලිසියට භාර දුන් පසු සිදු කරන්නේ එම මුදල අයිති පුද්ගලයකුට භාරදෙන බවයි

More from GossipMore posts in Gossip »