Press "Enter" to skip to content

ටෙලි නිළියකගේ පයිලට් සැමියා අත්අඩංගුවට; නැන්දනියට කරදර කරලා

මෝටර් රථයකට හානි සිදුකර සැඟව සිටි ප්‍රධාන පෙළේ ගුවන් සේවාවකට අයත් ගුවන් නියමුවකු, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියකු සහ ඒකල ලංගම ඩිපෝවේ කාර්මික ශිල්පියකු නුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

ජනප්‍රිය ටෙලි නිළියක වන ගුවන් නියමුවාගේ බිරිඳගේ නැන්දා කළ පැමිණිල්ලක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරියගේ මෝටර් රථයට මෙම පිරිස පේන්ට් රිමූවර් නමැති දියරය යොදා රුපියල් ලක්ෂ 6කට අධික අලාභයක් මාර්තු මස පළමුවැනි දින සිදුකර ඇතැයි පල්ලේකැලේ පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් හමුවට ඊයේ (06) පැමිණීමෙන් පසුව වරද පිළිගත් හෙයින් අලාභය ගෙවීමේ කොන්දේසිය මත රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

More from GossipMore posts in Gossip »