Press "Enter" to skip to content

තාත්තා වෙනුවෙන් දුවෙකුගේ ඇසකින් ඒ වේදනාව

Safety Airbag නැති, Sensors නැති, LED හෙඩ්ලයිට් නැති, Viper එකවත් හරියට වැඩ කරන්නෙ නැති 1996 දී පළමු වාහනය විදිහට අප්පච්චි ගත්තු කැබ් එකක් වෙනුවට ඔය හම්බ කලා කියන සල්ලි වළින් අප්පච්චි හීන දැකපු විදිහේ JEEP එකක් ගන්න එයාට පුළුවන් වුනා නම්, අද එයාලත් අලියත් හැමෝම හොඳින් 🙁

සිංහබාහු නිශ්පාදන කණ්ඩායම විසින් ලබා දුන් ඉන්දන ලීටර් 30 කින් අනුරාධපුරය ශූටිං ගිහින් ඉද්දි අනතුරට ලක් වුනාම, දේශපාලනික සම්බන්ධතා අම්බානක තිබුනා නම් අනතුර වෙලා පැය හත අටක් යනකනුත් මහ මගින් මිසක් ගුවන් මගින් අප්පච්චි ව කොළඹට ගෙන්නගන්න අවසර ගන්න ඒ නිශ්පාදක කණ්ඩායමට නොහැකි වෙන්නෙ නෑ… 🙂

හැප්පුනේ එයාලා වුනාට තුවාල වුනේ අපි හැමෝටමයි.
මේ වගේ දරාගන්න අමාරුම ප්‍රශ්නකාරී මොහොතක “කාගේ වුනත්” ආදරේ සැබෑවටම ඇති හෝ නැති බව මැනෙවින් පසක් වෙනවා… 💔
සිතින්, වචනෙන් සහ ක්‍රියාවෙන්…

තනි නොකලම යුතු වෙලාවක හිත හදන්න බැරි නම් අඩු තරමේ හිත නොරිදවා නිහඬව ඉන්නවා නම් කොච්චර හොඳ ද… 😔

More from GossipMore posts in Gossip »