Press "Enter" to skip to content

බවුසර 15ක තෙල් ගබඩා කරගෙන කලු කඩේ විකුණලා

පොලිසිය හා STF එක්ව අනාවරනය කරගත් මහා අපරාධය

තොග රැස්කර වැඩි මිලට අලෙවිකරමින් තිබුණු ඉන්ධන ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීම් වලින් පොලිස් භාරයට ගෙන තිබේ.

එය ආසන්න වශයෙන් ඉන්ධනහල් වෙත ගොඩබාන බවුසර් 15කට සමානය බවටයි වාර්තා වන්නේ.

එම ඉන්ධන අතර පෙට්‍රල් ලීටර් 27,001ක්, ඩීසල් ලීටර් 56,323ක්, භූමිතෙල් ලීටර් 19,195ක් වේ.

වැටලීම් 953කදී මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 884 දෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කලේ.

More from GossipMore posts in Gossip »