Press "Enter" to skip to content

කිසිඳු දියණියකට මට මෙන් නොදැනේවා!! දියණිය ජැක්සන් ගැන තැබූ සටහන

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබයි.

කලාවේ ක්ෂේත්‍ර ගණනාවකම නොමැකෙන නමක් තැබූ අති දක්ෂ කලාකරුවකු වන ඇන්තනී මහතාගේ දේශපාලනය සම්බන්ධයෙන් විවේචනය කරමින් ඔහුට විපතක් වූ තැන ගර්හාවට ලක් කිරීම් රැසක් සමාජ මාධ්‍යය තුළ දක්නට ලැබේ.

තමන්ගේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ පුද්ගලයෙක් සම්බන්ධයෙන් ලංකාවේ සමහරු එසේය. මේ ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය තැබූ සංවේදී සටහනකි.

අප්පච්චි, පොඩි බාප්පා සහ ඉරේශ් තවමත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව ය.
ඔවුන් ගැන සොයා බැලූ සුව පැතූ හැමට ස්තූතියි.
තම තම ඇදහිල්ල ප්‍රකාර ඔවුන් වෙනුවෙන් නා නා පුද පූජා කරමින් සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි.

කිසිඳු දියණියකට මට මෙන් නොදැනේවා!!

“දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි” ❤️🙏

මාධවී වත්සලා ඇන්තනී
More from GossipMore posts in Gossip »