Press "Enter" to skip to content

ලබන සතියේ රට වැසෙයි?

රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත.

පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව,සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ වන විට උග්‍ර වී තිබේ.

එපමණක් නොව,රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව ඇත. අත්‍යවශ්‍ය සේවාවලට රජය විසින් ඉකුත් සතියේ සීමා සහිත ලෙස ඉන්ධන සපයනු ලැබුවද අත්‍යවශ්‍ය සේවා රැසක් ඉකුත් සතියේදී ද අඩාළ වී තිබිණි

මේ තත්වය තුළ ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇතැයි දැනගන්නට ඇත.

ඩීසල් නැවක් ලබන සතියේ ද ,පෙට්‍රල් නැවක් ලබන විසි දෙවැනි දා ද මෙරටට පැමිණෙන බව රජය ඉකුත් ප්‍රකාශ කළේය

උපුටා ගැනීම – ලංකාදීප

More from GossipMore posts in Gossip »