Press "Enter" to skip to content

හතයි හත! මහා සංඝරත්නය ජනාධිපතිවරයාට දින දෙයි! අවසන් සටනට සූදානම් වෙයි!

තවදුරටත් රට අරාජික නොකර, ජූලි මාසයේ 07 වන දා වන විට සිය ධූරයෙන් ඉවත්වන්නැයි, භික්ෂු සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාට එසේ ඉවත් නොවන්නේ නම්, ජූලි මාසයේ 07 වන දා මෙරට සියළු භික්ෂූන් වහන්සේලා කොළඹට වැඩමකරවා අඛණ්ඩව දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බව ද භික්ෂු සංවිධාන එකමුතුව පවසයි.

ජනාධිපතිවරයා වෙත මේ බව ලිපියක් මගින් භික්ෂු සංවිධාන එකමුතුව දැනුම් දී තිබේ.

උලපනේ සුමංගල හිමි, කොබෙයිගනේ විජිත හිමි, මතුරට ධම්මාලංකාර හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා 11 නමක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන ලිපියට අත්සන් තබා තිබේ.

More from GossipMore posts in Gossip »