Press "Enter" to skip to content

“යෝජනාවක් ආවොත් බෑ කියන්නෙ නෑ”

ජාතික පාපන්දු කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස ප්‍රවීනා පෙරේරා හැඳින්විය හැකිය. වර්තමානයේ දක්ෂ රංගන ශිල්පිණියක් ලෙසද කගෙත් ආදරයට පාත්‍ර වී ඇති ඇය ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන්නේද ඉමහත් කැමැත්තකි. ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතරතුර අපි ප්‍රවිනාගෙන්ද ක්‍රිකට් ක්‍රීඩාවට අදලා ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

PraveenaP1 670px 22 07 01

ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ කැමතිද?

මම පොඩි කාලේ ඉඳන්ම කැමති ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ.

ඔබ කැමතිම දේශිය හා විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නවද?

එක්කෙනෙක් කියල නැහැ ඉතින්. මම කිහිප දෙනෙක්ටම කැමතියි. දේශියව ගත්තොත් කුමාර් සංගක්කර, මහේල හා ලසිත් මාලිංගට කැමතියි. විදෙස් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා මම කැමතියි. ඉන්දියාවේ විරාත් කෝලි, සචින් තෙන්ඩුර්කාර්, ඔස්ට්‍රේලියාවේ රිකි පොන්ටින්, ෂේන් වෝන්, කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා ඒ අතරින් කිහිප දෙනෙක්.

ඔබ ඔවුන්ට කැමති වෙන්න හේතුවක් තියෙනවද?

ක්‍රීඩාවට දක්ෂ නිසා සහා ඔවුන් ඔවුන්ගේ තැන රැකගන්න ගොඩක් මහන්සි වුණ ක්‍රීඩකයින් නිසා. අනිත් එක ඔවුන්ගේ ක්‍රීඩා දිවිය තුළ ඕනැම පුද්ගලයෙකුට ඉගෙනගත යුතු බොහෝ දේවල් තියෙනවා. ක්‍රීඩාවට සහ රටට ආදරේ කරන අය බිහිවෙන්නේ කලාතුරකින්. නවක ක්‍රීඩකයින්ට පවා මේ අයගෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා.

මෑතකදී බලපු හොඳම ක්‍රිකට් තරගය මොකක්ද?

කිහිපයක් තියෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ම තිබුණා. ඔස්ට්‍රේලියාව සමග පැවැති තුන්වැනි විස්සයි විස්සේ තරගය. ශ්‍රී ලංකාව පිට පිට ඔස්ට්‍රේලියාවට එරෙහිව ජයගත් එක්දින තරග දෙක මෑත කාලයේදී මම නරඹපු හොඳම ක්‍රිකට් තරග කිව්වොත් හරි.

ප්‍රවීනා ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවාද?

ඔව්, මගේ ප්‍රධාන ක්‍රීඩාව පාපන්දු වුණත් මම පාසල් යන කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා තියෙනවා. සමස්ත ලංකා පාසල් තරග පවා මම ක්‍රිකට් ක්‍රීඩා කරලා ජයග්‍රහණය අත් කරගෙන තියෙනවා.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ මුණ ගැහිලා තියෙනවාද?

ලසිත් මාලිංග අයියාව හමුවෙලා තියෙනවා. 2017 ජාතික මට්ටමෙ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවුරුදු උත්සවයකට සහභාගි වුණ අවස්ථාවේදී. එයා තමයි ප්‍රධාන ආරධිතයා විදිහට ඇවිත් තිබුණේ. එදා තමයි මුලින්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව මට මුණ ගැහුණේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආරාධනාවක් ආවොත් ප්‍රවීනා භාරගන්නවද?

අනිවර්යයෙන්ම.. මොකද ප්‍රතික්ෂේප කරන්න මට කිසිම හේතුවක් නැහැ.

විලියම්සන්, කෝලි, මැක්ස්වෙල් අතරින් කඩවසම් කවුද?

විරාත් කෝලි. ඔහුගේ පෙනුම හොඳයි. කඩවසම් ගතියක් තියෙනවා.

(බුද්ධික සේනාධීර)
(සාරවිට)

PraveenaP2 670px 22 07 01
PraveenaP3 670px 22 07 01
More from GossipMore posts in Gossip »