තෙල් ගේන්න රුසියාවට ගිය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ගියේ තෙල් ගෙන ඒම කෙසේ වෙතත් තෙල් මාරු කරනගෙන එනු ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
රුසියාවේ ඉන්ධන ගෙන්වීම තමනට භාර දුන්නොත් තමන් එය සිදු කර පෙන්වීමට සූදානම් බව ඒ මහතා පවසයි.
එමෙන්ම ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් රුසියානු තානාපති ධුරය සල්ලි වලට විකුණා දමා ඇතැයි උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගත් කතාව සම්පූර්ණ අසත්‍ය බව ද හෙතෙම කියා සිටී.
අද ජනාධිපති පමණක් නොව ලේකම්ලාද ෆේල් වී ඇතැයිද ඔහු පවසයි.
සතියකට ඩොලර් ලක්ෂ 12ක් ලැබුනු රුසියානු ගුවන් යානා ඇමරිකානු ගැති ජනාධිපතිවරයා විසින් නතර කර ඇතැයි ද ඔහු චෝදනා කරයි.
ඔහු මේ බව පවසන්නේ මාධ්‍යවේදී චමුදිත මහතාගේ අන්තර්ජාල නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.






