Press "Enter" to skip to content

ගුරුවරයෙක් ශිෂ්‍යාවන් 6 දෙනෙකුට ලිංගික අතවර කරලා

සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාවයක්

මුලතිව් ප්‍රදේශයේ ශිෂ්‍යාවන් හය දෙනෙකු ලිංගික අතවරවලට ගොදුරු කළ පාසල් ගුරුවරයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඊයේ (30) මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇත.

මෙම නියෝගය ලබා දී ඇත්තේ මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ඔහු මෙම ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඔවුන්ට ප්‍රේම සබඳතා ගොඩනගා ගැනීමට අනුබල හා උදව් උපකාර කරමිනි.

සිද්ධිය සිදු වූ දවසේ අදාළ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

More from GossipMore posts in Gossip »