Press "Enter" to skip to content

ඉස්කෝලෙ යන්න බස් නැතිව ලොරියක නැග්ග ළමයි 37ක් ලොරි තට්ටුව කඩන් බිමට වැටිලා! 13 දෙනෙක් ඉස්පිරිතාලේ!

ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී මෙම සිදුව තිබේ.

දරුවන් පාසල් වෙත යාම සදහා බස් රථය එනතුරු බලා සිටිය ද එය නොපැමිණීම නිසා, පාසලට යාමට කුඩා ලොරි රථයකට ගොඩ වී තිබේ. දරුවන් ද රැගෙන පාසල වෙත යමින් තිබුනු ලොරි රථයේ තට්ටුව අතර මගදී කඩා වැටී ඇති අතර, ලොරි රථයේ සිට ඇති දරුවන් 37 දෙනාගෙන් 13 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති දරුවන් ගලෙන් බිදුණුවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම වාර්තාවගලෙන්බිදුණුවැව බාලසූරිය මහතාගෙනි.

More from GossipMore posts in Gossip »