නිවන් සුව සහෝදරයා !
වැලිමඩ ඉදලා ඉගෙනගෙන පට්ට කට්ටක් කාල A/l ගොඩ දාල මාර අමාරුවෙන් රජරට වගේ දුර තියෙන කැම්පස් එකකට ගිහින් ,සල්ලී අතේ නැතුව පාට් ටයිම් ජොබ් කරලා,කට්ට කාල,යාළුවෙකුගෙන් කීයක් හරි ඉල්ල ගෙන ඉගෙන ගෙන එලියට එද්දී ජොබ් එකක් නැතුව වාත වුනාම,අතේ සතේ නැතිව අම්මට තාත්තට සලකන්න බැරි උනාම,පොඩි නංගි කෙනෙක් මල්ලී කෙනෙක් ඉන්න ගෙදරක ලොකු අයිය කෙනෙක් අක්ක කෙනෙක් වුනාම දැනෙන පීඩනය කොහොම වෙන්න ඇත්ද…
මේ පීඩනය අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියනවා මොනම විදියකට හරි… අපි තාමත් මේ අහිංසකයන්ගෙ මරණ අස්සෙන් අනේ අපේ කරුමෙ මේක කියල හිත හදා ගන්නවනම් ඊට වඩා නිවට ජාතියක් තව ලෝකෙ කොහෙවත් නැතුව ඇති… අපි අපේ ප්රශ්න වෙනුවෙන් පාරට ඇවිල්ල කෑගහන්න, අරගල කරන්න තව මේ වගේ අහිංසක තරුණ ජීවිත කීයක් බිලි ගන්න ඕනිද? ඇත්ත ප්රශ්නෙ තමන්ගෙ ගේ දොරකඩම එනකන් දේශපාලු හැතිකරේට සුර සැප දිදී අපි නිහඩ වෙලා ඉන්නවද… තීරණය අපේ අතේ…….






