Press "Enter" to skip to content

සීගිරියට ආ සංචාරක කතට චීන කටු චිකිත්සකවරයෙකු බව පවසමින් අලුත්ම චීන කටු චිකිත්සාවක් පෙන්වලා

සංචාරක කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරිමට උත්සහකල සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකරුවෙකු සිගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ  බෙල්ජියම් ජාතික 33 හැවිරිදි සංචාරක කාන්තාවක් ඊයේ දින සිගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුවයි.
 
මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමින් අදාල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපි ලියන බවද මෙවර ලංකාව පිලිබදව ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවට ද වාර්තා වෙනවා. එසේ පැමිණි ඇය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොලක නවාතැන් ගෙන ඇත . 


 
එසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කල එම හොටෙල් හිමිකරු තමා චීන කටු චිකිස්සක වරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝග සදහා ප්‍රථිකාර කල හැකිබවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කල හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපිමි කල බවත් පසුව තම පියවුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කලබව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 
 
මෙම සිදුවිමෙන් පසු අදාල හෝටලයෙන් ඉවත්ව ගොස් ඇති ඒම කාන්තාව සිගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සිගිරිය පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. 
 
ඒ අනුව ක්‍රියාත්මකවු සිගිරිය පොලිසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්වඩංගුවට ගෙන ඇත. 
 
සිද්ධිය පිලිබදව සිගිරිය පොලිසිය වැඩිදුරටත් පිරික්ෂණ සිදුකරයි.

More from GossipMore posts in Gossip »