Press "Enter" to skip to content

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්

තවත් කතක් සැමියා ගෙදර යවා අනග රැඟුමේ

ඉන්ධන මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි කාන්තාවන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලීසිය කියයි.

පෙට්‍රල් ලබා ගැනීම සඳහා කාන්තාවන් බොහෝ දෙනෙකු දිවා මෙන්ම රාත්‍රී කාලවලත් පුත්තලමේ පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබේ.එසේ පෙට්‍රල් ලබා ගැනීම සදහා පැමිණි බව කියන කාන්තාවන් තිදෙනෙකු මේ ආකාරයට අතුරුදහන්වී ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.එම කාන්තාවන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා රැගෙන ආ යතුරු පැදි පෝලිමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ අතර,හලාවත ප්‍රාදේශයේ රාත්‍රී කාලයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි කාන්තාවක් වෙනත් තරුණයෙකු සමග පැය කීපයක් ගත කිරීම හේතුවෙන් සැමියාගේ පහර කෑමටද ලක්ව ඇත.පෝලිමේ සිටි තම සැමියා උපක්‍රමශීලීව නිවසට යවා ඇති කාන්තාව රාත්‍රී කාලයේ පෝලිමේ රැඳී සිට ඇති අතර නිවසට ගිය සැමියා නැවත ඉන්ධන පෝලිමට පැමිණ බලන විට බිරිඳ එම ස්ථානයේ සිට නැත.පසුව කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබී ඇත්තේ බිරිඳ ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකු සමග කිසියම් ස්ථානයක සිටින බවය.එම ස්ථානයට කඩා පැන ඇති ස්වාමි පුරුෂයා කාන්තාවට පහර දී අනතුරුව ඉන්ධනද ලබා නොගෙන නිවස බලා පිටත්ව ගොස් ඇත.

ජුඩ් සමන්ත-පුත්තලම

More from GossipMore posts in Gossip »