Press "Enter" to skip to content

දවස ගානේ තෙල් පෝලිමේ සිටි රූමත් බිරිඳ ෂෙඩ් එකේ පොම්පකරු සමග පැන යයි

සැමියාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට දිනපතා ‍ඉන්ධන පෝලිමට ගිය රූමත් බිරිය පිරවුම් හල් සේවකයෙකු සමග පැනගිය පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

මොවුහු දෙදෙනා ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇති කරගත් සම්බන්ධතාවකින් පසුව දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇත.

සැමියා තැන්පත් පුද්ගලයෙකු විය. කඩවසම් පෙනුමක් ඇති කාන්තාව දැඩි කෙළිලොල් බවකින් යුතු තැනැත්තියක් වූවාය. දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරන අවස්ථාවේදි කාන්තාව විසින් යතුරු පැදිය පදවන අතර සැමියා පසුපසින් ඉදගෙන යයි. 

සැමියා රැකියාවට යන එන අවස්ථාවලදි නගරයේ බස් නැවතුමට යාම ඇගේ දෛනික රාජකාරියක්ද විය.

ඉන්ධන හිඟයක් ඇතිවීම නිසා යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට බිරියට සිදුවිය. යතුරුපැදියට තෙල් ලබා ගැනීමේ දී පොම්පක්‍රියාකරුට කුමක් හෝ පවසමින් ඔහුගේ අවධානය දිනාගැනීමට ඇය සමත්වූවාය. පොම්පකරුගේ දුරකතන අංක හුවමාරු කරගත් දෙදෙනා කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් අනියම් පෙමකට යොමු වූයේ නොදැනුවත්ව ම ය.

සුපුරුදු පරිදි සැමියා බස් නැවතුමට රැගෙන  පැමිණි ඇය සිය අනියම් පෙම්වතා සමග වෙනත් කූඩුවක් තැනීමට නික්ම ගියාය. සවස ගෙදර එන වෙලාවට බස් නැවතුමට පැමිණ සිටින බිරිය නොදුටු සැමියා පුදුමයට පත්විය. ඇමතුමක් ලබාගත්තද දුරකතනය විසන්ධි කර තිබුණි. 

දස අතේ කල්පනා කරමින් ත්‍රිරෝද රථයකින් නිවසට යන විට නිවසේ දොර වසා තිබූණි. නැවත ඇමතුමක් ගැනීමට උත්සාහ ගන්නා විට බිරියගෙන් කෙටි පණිවිඩයක් ලැබුණු අතර ‘මම ෂෙඩ් එකේ අයියා සමග යනවා, මම ගැන සොයන්න එපා. ඔයා සතුටින් ඉන්න.’ යනුවෙන් සඳහන්ව තිබුණි.

දස අතේ කල්පනා කළ සැමියා නීතිය ඉදිරියට ගියේය. බිරිද හා අනියම් සැමියාද කැඳවූ නිලධාරින් දෙදෙනා එකතු කරන්නට කොතෙකුත් උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. ‘මම මෙයා සමග හරිම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පොම්පකරුගේ යතුරුපැදියේ නැගී පිටව යන බිරිඳ දෙස බලමින් සුසුම් හෙළු සැමියා කඳුළු පිරි දෙනෙතින් යුතුව පොලිසියෙන් පිටව ගොස් ඇත.

More from GossipMore posts in Gossip »