Press "Enter" to skip to content

පස් හැවිරිදි පුතු ගඟට දමා දිවිනසා ගැනීමට ගිය අම්මා රිමාන්ඩ්

ඇයි අම්මේ මට මෙහෙම කළේ!

මවක සිය පස්හැවිරිදි බාල දරුවා කැලණි ගඟට දමා ඇයද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අසල්වාසීන් පිරිසක් විසින් ඇය අල්ලාගෙන පෙරේදා (15 දා) රාත්‍රී වත්තල පොලිසියට භාරදී ඇත.

මව විසින් ගඟට දැමූ සස්මික ප්‍රභාෂ්වර නමැති පස් හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර ඊයේ (16 දා) සවස වනවිටත් හවුවී නොතිබූ අතර නාවික හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් සිරුර සොයා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

හැඳල සහ මට්ටක්කුලිය අතර පාලමෙන් තම දරුවා කැලණි ගඟට දමා ඇති මෙම කාන්තාව ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවේ අසල්වාසීන් ඇය අල්ලාගෙන ආසන්න පොලිස් මුරපළ නිලධාරීන්ට භාරදී ඇත.

මෙම කාන්තාවගේ සැමියා ජීවතුන් අතර නොමැති අතර ඇයට වැඩිමහල් දියණියක් හා පුත්‍රයකුද සිටින බව අනාවරණය වී ඇත. සැමියා මියයෑමෙන් පසු මෙම කාන්තාව තම කුඩා දරුවා සමග ජීවිකාව ගෙනගොස් ඇතත් ඇයගේ උකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් දැඩි ලෙස අසරණව සිට ඇතැයි හෙළිවී තිබේ. වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ඊයේ (16 දා) සවස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

චමින්ද සිල්වා – ටී. ජේ. ස්ටැන්ලි හැඳල

More from GossipMore posts in Gossip »