Press "Enter" to skip to content

මං ශ්‍රී ලංකාවට ආවේ මාස දෙකකට මහ බැංකු අධිපති ධූරය දරන්න නෙවෙයි

තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගත්තේ මාස දෙකක කාලයක් සඳහා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බීබීසී ලෝක සේවය සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කිරීම සඳහා තමන් කැමැති බව බලධාරීන්ට දන්වා ඇති බව ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට වෙනත් පුද්ගලයෙකු පත්කිරීමට සූදානමක් ඇතැයි පසුගිය දා විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු විය.

මේ සම්බන්ධයෙන් නන්දලාල් වීරසිංහ මහතා බීබීසී ලෝක සේවයට පවසා ඇත්තේ මෙවැනි අදහසකි.

“මම මහ බැංකු අධිපති ධූරය භාර ගනිද්දි මගේ බලාපොරොත්තුවක් තිබුණෙ නෑ මාස දෙකකට මේ ධූරය භාර අරගෙන ආපහු යන්න. ඒ වගේ තත්ත්වයක් තිබුණා නම් මම එන්නෙ නෑ. මේ තියෙන (අර්බුදකාරී) තත්ත්වය මාස දෙකක කාලයක් තුළ විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ තත්ත්වය සමනය කරන්න පෙර වඩා ත් නරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.”

මේ අතර, ඔහු පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ශ්‍රී ලංකාව ප්‍රමාද වීම හේතුවෙන් තත්ත්වය වඩා ත් නරක අතට හැරුණු බව ය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා වෙනත් රටවල් මෙන් ම චීනය ද ශ්‍රී ලංකාවට ණය ගෙවීමේදී සහන සලසනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෑතකදී කරන ලද සමීක්ෂණයක් අනුව අනාවරණය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනගහනයෙන් තුනෙන් දෙකකට ආහාර ප්‍රමාණවත් පරිදි නොලැබෙන බව ය.

More from GossipMore posts in Gossip »