Press "Enter" to skip to content

ළිඳකින් සිරුර හමු වූ රූමතියගේ මරණය අභිරහසක්

වවුනියාවේ ආලාඩි වීදිය ප්‍රදේශයේ ළිඳක තිබී හමු වූ සුරූපී කාන්තාවගේ මළසිරුර සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු 12 දා පැවසූහ.

එස්. සින්දුජා නමැති 32 හැවිරිදි මෙම කාන්තාවගේ ස්වාමියා හා දරුවන් දෙදෙනා ලන්ඩනයේ ජීවත් වන අතර මියගොස් සිටි කාන්තාව කාලයක්ම ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වන බවද පවුලේ ඥාතීහු පවසති. ඇය වවුනියාවට පැමිණ ඥාතීන් සමග ජීවත් වෙමින් සිටියදී හදිසියේම අතුරුදන් වී ඇති අතර පසුව ඇගේ මළසිරුර ඇය ජීවත් වූ ඉඩමට යාබද ඉඩමක ළිඳකින් හමු වී තිබේ.

මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක්ද, ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර පරීක්ෂණ කටයුතු සඳහා ඇයගේ මළසිරුර වවුනියාව මහ රෝහල වෙත භාර දී තිබේ.

වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

More from GossipMore posts in Gossip »