Press "Enter" to skip to content

26 හැවිරිදි ගුරුවරියක් බාල වයස්කාර සිසුවෙකු නිවසක සගවාගෙන අපයෝජනය කරලා

බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මස 22 දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ හිඟුරක්ගොඩ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම ගුරුවරිය තමන් සේවය කරන පාසලේ ඉගෙනුම ලබන බාල වයස්කාර පිරිමි දරුවෙකු මාපිය බාරකාරත්වයෙන් බැහැරව අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයිද මෙම පිරිමි දරුවා මාතලේ ප්‍රදේශයට රැුගෙන ගොස් රහසිගතව නිවෙසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කලේය.

More from GossipMore posts in Gossip »