Press "Enter" to skip to content

පාසලට ගිය දැරිය අතුරුදහන්

කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කොස්ගම සාලාව වතුයායේ පදිංචි  පාසල් සිසුවියක බව පොලීසිය කියයි .

ඇය අධ්‍යාපන ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 5 දා උදෑසන 8 පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නැවත ඇය නිවසට නොපැමිණීම නිසා මෙසේ සොයා බැලූ බව දැරියගේ මව පොලීසියට පවසා තිබේ.