කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කොස්ගම සාලාව වතුයායේ පදිංචි පාසල් සිසුවියක බව පොලීසිය කියයි .
ඇය අධ්‍යාපන ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 5 දා උදෑසන 8 පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නැවත ඇය නිවසට නොපැමිණීම නිසා මෙසේ සොයා බැලූ බව දැරියගේ මව පොලීසියට පවසා තිබේ.






