Press "Enter" to skip to content

හය හැවිරිදි අක්කා සමග හුරතල් වෙමින් සිටි මාස අටේ බබා වතුර බේසමට වැටී මියයයි

අලිගැට පේර කෑල්ලක් දෙන්න කියලා අක්කාට අල්ලපු ගෙදරින් කතා කරලා

හය හැවිරිදි අක්කා සමග හුරතල් වෙමින් සිටි මාස අටේ බබා වතුර බේසමට වැටී මියයයි

හය හැවිරිදි අක්කා සමග හුරතල් වෙමින් සිටි බව කියන දෙබත්ගම, පල්ලේබාගේ ප්‍රදේශයේ මාස අටක බිළිඳෙක් සාලයේ තිබූ වතුර බේසමකට වැටී 03 වැනිදා පස්වරුවේ දී මරණයට පත්ව ඇති බව අරණායක පොලිසිය පැවසීය.

හය හැවිරිදි අක්කා සමග හුරතල් වෙමින් සිටි මාස අටේ බබා වතුර බේසමට වැටී මියයයි

මරණයට පත්ව ඇත්තේ පරපිටිය, දෙබත්ගම පදිංචි මව, පියා සහ දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාල පුත්‍රයා වන කවීෂ සත්සර නමැති බිළිඳකු බව පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ පියා මේසයක් උඩ නැග කාමරයක තීන්ත ආලේප කරමින් සිට ඇත. මව ද අසල්වාසී ඥාතීන් දෙදෙනකු ද දොළොස් හැවිරිදි වැඩිමහල් දියණිය ද කුස්සියේ තේ හදමින් සිට ඇත. බාල දියණිය මියගිය බිළිඳා සමග සාලයේ සිට තිබේ. ඒ අවස්ථාවේ යාබද ඥාති නිවසකින් 06 හැවිරිදි දියණියට අලිපේර කන්න ඇවිත් යන්න කියා කතා කිරීම නිසා බිළිඳා තනිවම සාලයේ දමා ඇය ගොස් ඇත. අලිපේර කෑමට අල්ලපු නිවස ගිය හය හැවිරිදි දියණිය නැවත නිවසට පැමිණ ඇත්තේ මුළුතැන්ගෙය හරහාය.

එහි දී මව විසින් “කෝ මල්ලි” කියා අසා සාලයට ඇවිත් බලන විටත් බිළිඳා සාලයේ අත සේදීම සඳහා තබා තිබූ වතුර බේසම ඇතුළට වැටී සිටිනු දැක තිබේ. එහි දී බිළිඳා රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇතත් ඒ වන විටත් බිළිඳා මියගොස් සිට ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මව පියා ලබා දුන් සාක්ෂිවලින් අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.

බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් ගල්බොඩ කෝරලයේ එගොඩපත තණිපේරු පත්තුව කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එම්.ඒ. බණ්ඩාර මහතා විසින් ස්ථානීය පරීක්ෂණ පවත්වා මරණ පරීක්ණ කටයුතු සිදුකිරීම සඳහා මළසිරුර කෑගල්ල ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියෝග කළ බව ද පොලිසිය පැවසීය.

කෑගල්ල ශික්‍ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි විජේරත්න මහතා විසින් 04 දා සිදුකරන ලද පරීක්ෂණය හා මියගිය බිළිඳාගේ මව පියා ලබා දුන් සාක්ෂි ද සැලකිල්ලට ගනිමින් බිළිඳා අල්ලා ගෙන නැඟිටීමට උත්සාහ දරන වයසේ සිටි බැවින් දණ ගාගෙන ගොස් බේසම අල්ලා නැඟින්නට හදද්දී බේසම තුළට වැටීමෙන් ජලය පෙවී මරණය සිදුවී ඇති බවට ගල්බොඩ කෝරලයේ එගොඩපත තණිපේරු පත්තුව කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එම්.ඒ. බණ්ඩාර මහතා විසින් නිගමනය කරන ලද බව පොලිසිය පැවසීය.

අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පණාවල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (27188) සිසිර කුමාර, පොලිස් කොස්තාපල් (100110) මධුවන්ත යන නිලධාරිහු සාක්ෂි මෙහෙය වූහ.

අරණායක – රෝහණ ජයරත්න

More from GossipMore posts in Gossip »