Press "Enter" to skip to content

බිරිය ගෑස් පෝලිමක තියා සැමියා හොර ගෑනිත් එක්ක ජවුසන් නටයි

භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිමක නීත්‍යනුකූල භාර්යාව හා කුඩා පෝලිමක අනියම් භාර්යාව තබා පසුව ඇය සමඟ සුව විඳි අපූරු පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය.

ජංගම වෙළෙඳාමේ නිරත වූ මෙම පුද්ගලයා මැදිවිය ඉක්මවා ගොස් සිටි අයෙකි. එසේ වුවත් ඔහුගේ පෙනුම හා ක්‍රියාකාරකම් නිසා තරුණ කාන්තාවන්ගේ නිරන්තර අවධානයට යොමු වූවෙකි.

ජංගම වෙළෙඳාමේ නිරත වුවත් ජැන්ඩිපහට ඇඳ අඩු වැඩියට සුවඳ විලවුන් ද ගල්වාගෙන යාම ඔහුගේ සිරිතකි.

ජංගම වෙළෙඳාමෙන් සරුසාර ආදායමක් මෙන්ම යන යන තැන්වල තරුණ කාන්තාවන්ගේ අඩුවක් ද නොතිබිණි.

පසුගිය සමයේ ජංගම වෙළෙඳාමේ යාමේදී අලු‍ත් කාන්තාවක හා සම්බන්ධතාවක් ආරම්භ කිරීමට වාසනාව පෑදුනේ කොරෝනා නිසා පැන වූ සංචරණ සීමා හේතුවෙනි.

මේ අතර මේ දිනවල හාල්, සීනි, පිටි, ගෑස් ආදී භාණ්ඩ හිඟවීම නිසා නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පෝලීම්වල සිටීමට කිහිප වතාවක් ඔහුට සිදු විය.

නිවෙසේ ගෑස් අවසන් වූ අතර අහළ පහළ වෙළෙඳසැල්වල ඒවා නොමැති වීම නිසා නගරය බලා යාමට දෙදෙනාටම සිදු විය. ඉතා දිගු පෝලීමක තිබූ ගෑස් පෝලීමේ හිස් ගෑස් සිලින්ඩරයත් සමඟ බිරිය රඳවා තමන් තෙල් පෝලීමට යන බව පවසා එදෙසට ගියේය.

තෙල් පෝලිමේ සිටි ඔහු පොලීමේ ඉදිරියෙන් සිටි තමන් අලු‍තින් හඳුනාගත් කාන්තාව සිටින අයුරු දුටුවේය. වහාම ඇයට දුරකතන ඇමතුමක් ලබාදී ආවොත් තමන්ට නිදහසේ පෙම් සුව විඳීමට අවස්ථාවක් ලැබෙන බව ස‍ඳහන් කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනා යා යුතු තැනක් නොවූයෙන් බිරිය තවමත් පෝලීමේ සිටී නම් නිවෙසට යා හැකි බවට තීරණය කළේය. වහාම ඈ වෙත දුර කතන ඇමතුමක් ලබාගත් ඔහුට සවස් කාලය වන විටත් ඇයට නිවෙසට ඒමට නොහැකි බව පැවසුවාය.

ඒ ඇසූ ඔහු තීරණය ඉබ්බා දියේ දැමුවාසේ ඇය ත්‍රි රෝද රථයක නංවාගෙන ත්‍රිරෝද රථයේ සිටම අසල හෝටලයකින් දිවා ආහාර පැකට්ටුවක් ද රැගෙන අනියම් භාර්යාව නිවෙසට කැටුව ගියේ සවස් කාලය වන තුරු ඇය සමඟ පෙම් සුව විඳිනු රිසියෙනි.

More from GossipMore posts in Gossip »