දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් ඒ මහතාට මරණ දඬුවම නියමව තිබුණු අතර, පසුව එහි අභියාචනය ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම තහවුරු කර තිබිණි.
පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කළ අතර, අනතුරුව ඔහුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බවටද පත් කළේය.
කෙසේ වෙතත් ජනාධීපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවතත් අභියාචනයක් ගොනුකර තිබිණි.
ඒ අනුව දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුගේ විදෙස් ගමන් බලපත්රයද යළි කඳවීමට නියෝග කළේය.
Published in Political
More from PoliticalMore posts in Political »