Press "Enter" to skip to content

විභාග ශාලාවේදී ගුරෙකුගෙන් දැරියකට ලිංගික අතවර

නාච්චදූව, හිදෝගම කළුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවේදී විභාග අපේක්ෂිකාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විභාග නිරීක්ෂකවරයකු ජූනි මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඉතිහාසය විෂය පැවති 25 වැනිදා මෙම අතවරය සිදුව ඇතැයි වාර්තා වේ.

සිසුවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින ම ගුරුවරියකට පැමිණිලි කර ඇති අතර තම වැඩිහිටියන් සමග ගොස් 26 වැනිදා හිදෝගම පොලිසියට පැමිණිලි කළ පසු අදාළ නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ නාච්චදූව නව නගරය පදිංචි ගුරුවරයෙකි.

කෙසේ හෝ මුදල් දී එම සිදුවීම යට ගැසීමට ද අත්අඩංගුවට පත් ගුරුවරයාගේ පාර්ශ්වය උත්සාහ දරා ඇති බව ද වාර්තා වේ.

මෙම සිසුවිය උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර සාමාන්‍ය පෙළ අසමත් විෂයයන් සඳහා මෙවර විභාගයට පෙනී සිට ඇති බව පරීක්‍ෂණ මෙහෙය වූ හිදෝගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සුනිල් ශාන්ත මහතා මාධ්‍යට පවසා ඇත.

More from GossipMore posts in Gossip »