Press "Enter" to skip to content

මං ඉල්ලා අස්වන්නේ නෑ…- මහින්දගෙන් ප‍්‍රකාශයක්

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ඔහු අද මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තුව හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත් විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

ශ්‍රී ලංකා පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.

කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්දව 120ක් මන්ත‍්‍රීවරුන් සිටින බව විපක්‍ෂය සදහන් කරයි.