Press "Enter" to skip to content

අගමැතිගේ සහයට බැසිල් ගේ මෙහෙයවීමෙන් අත්සන් එකතු කරයි : අත්සන් කළ මන්ත්‍රීවරුන් ගණන මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා වන ලිපියකට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ අදහසක් අනුව මෙම අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.

මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීමේ ලිපියට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකුටත් අඩු පිරිසක් බවයි වාර්තා වන්නේ.

අද දිනයේදී ද අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් ලබා ගැනීමට පොදු පෙරමුණේ මෙහෙයුම් කාර්යාලය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.