Press "Enter" to skip to content

රඹුක්කන ගැටුම: පොලිස් වෙඩි පහරින් අයෙකු මරුට

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 10 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වනවා.

ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කළේ.

තුවාල ලබා සිටින අනෙකු පුද්ගලයින් 09 දෙනා ගෙන් දෙදෙනෙකු ගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.

More from GossipMore posts in Gossip »