ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත.
මේ හමුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (16) රාත්‍රියේ පැවැත්විණි.
තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත්, ඉන් පිටස්තර ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
ඇතිව තිබෙන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
තමන්ට ඇමතිධූර අනවශ්‍ය බවත්, තරුණ පිරිසක් පත්කර කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වා ගෙන යන ලෙය හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, නව අමාත්‍ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 15 දෙනෙකු පමණක් පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
නව කැබිනට් මණ්ඩලය අද (17) හෝ හෙට (18) දිවුරුම් දෙනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.
කෙසේවෙතත් මේ සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පත් නොකෙරෙනු ඇති බව ද වාර්තා වේ.
ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
Published in Political