Press "Enter" to skip to content

”රාජපක්ෂලාට කඩේ යාම” ගැන ආචාර්ය රෝහණ වීරසිංහගෙන් පාපොච්චාරණයක්

‘රාජපක්ෂවරුන්ට කඩේ යාම” සම්බන්ධයෙන් තමන් පසුතැවිලි වන බව ප්‍රවීණ සගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහු එම සටහනේ සඳහන් කර ඇත්තේ, එය තමන්ගේ ජීවිතයේ “මැකිය නොහැකි කළු ලපයක්” බව ය.

ජනතා අරගලයට හදවතින් ම සුබ පතන බව ඔහු සිය සටහනේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ. 

“අපේ ආදරණීය නන්දා අක්කා ත් සුනිල් අයියා ත් අද ‘ගෝඨාගෝගම’ අරගල භූමියට යාමත් සමග මගේ නිහඬ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා.

ඇත්තෙන් ම, මුළු හදවතින් ම මා මේ අරගලයට සුබ පතනවා, ආශිර්වාද කරනවා.

බොහෝ දෙනා මා වෙත ඇගිල්ල දිගු කරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්.

මගේ ජීවිතයේ මැකිය නොහැකි කළු ලපයක් ඇති වූ බව මම හිතට එකඟව පිළිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

2019දී මා ද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශී ලංකාවේ මුළු දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව ම අසීමිත කලකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන් ම මම ත් ඒ සිහින බලාපොරොත්තුවලට යට වුණු බව සත්‍යයක්.

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම, දූෂණය, වංචාව, පවුල්වාදය, අවනීතිය අකාර්‍යක්ෂමතාව, නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිව ම ඔප්පු වී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

නිහඬව සිටිය ත් ජනතා අර්ගලයේ නාඩිය මට ත් දැනෙනවා. 

අරගලයට ජයවේවා!”

More from GossipMore posts in Gossip »