Press "Enter" to skip to content

පුද්ගලයන් ‍226 දෙනෙක් මිලියන 21 ක ජනතාවගේ අනාගතය විනාශ කරලා

පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි.

රට තුළ වත්මන් අරගලය ආරම්භ කර ඇත්තේ වඩාත් අවදියෙන් සිටින, වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක් බව ද හිටපු ටෙස්ට් නායකයා සඳහන් කර ඇත.

කුමාර සංගක්කාර මහතා මේ බව පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතු වුණා සේම, යළිත් සමාජයට හෝ දේශපාලනයට ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් ඇතුළත් නොකර ගනීවි යැයි තමන් බලාපොරොත්තු වන බව ද සංගක්කාර මහතා සඳහන් කර තිබේ.

More from GossipMore posts in Gossip »