ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එහිදී හිටපු අමාත්‍යවරුන් බොහෝ දෙනකු ද යළිත් ඇමතිධුර හිමිවනු ඇති නමුත් රාජපක්ෂ පවුලට ඇමති ධුර ඉතා සීමා වනු ඇතැයිද පැවසේ.
එමෙන්ම සුළු නියෝජනය අවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වැඩිම පිරිසක් මෙම කැබිනට් මණ්ඩලයට නම් වීමට වැඩි ඉඩක් ඇති බවත් දැනගන්නට ඇත.
එහිදී රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.






