Press "Enter" to skip to content

ජංගම දුරකථනය හිස් වැසුමක දමා අනුරපුර පාසල් සිසුවියන්ගේ රහස් ප‍්‍රදේශ වීඩියෝ කරලා…. සැකකාර හමුදා නිලධාරියා අත්අඩංගුවට

ක‍්‍රියාත්මක කළ ස්මාර්ට් ජංගම දුරකථනයක් යතුරුපැදි හිස් වැසුමක් තුළ දමා අනුරාධපුර නගරයේ පාසල් සිසුවියන්ගේ දෙපා අසලින් එය අතින් එල්ලා ගෙන එම සිසුවියන්ගේ රහස් ප‍්‍රදේශ වීඩියෝ ගත කළ බවට සැක පිට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරියකු ලෙස සේවය කරන පුද්ගලයකු අනුරාධපුර පොලිසිය විසින් අනුරාධපුර සිසුවියන් පිරිසකගේ දෙමව්පියන් විසින් අල්ලා භාර දීමෙන් අනතුරුව ඔහු මෙලෙස අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

හතළිස් හැවිරිදි වියෙහි පසුවන එම සැකකරු කොළඹට ආසන්න ප‍්‍රධාන කඳවුරක සේවය කරන පුද්ගලයකු බවත් අනුරාධපුර විජේපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.

අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර – පර්සි කුරුනේරු

More from GossipMore posts in Gossip »