දැනට පුරප්පාඩු වී සිටින මුදල් අමාත්‍ය ධූරය සඳහා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් පත් කිරීමේ සූදානමක් ඇති බව තොරතුරු වාර්තා වෙමින් ඇත.
නමුත් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් මේ ගැන කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් නැවත එම ධුරය භාර ගැනීමට සූදානම් නැති බවකි.
මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලද හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය.
ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්කාලීන රජයකට අවස්ථාව සැලසීම සඳහා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
එමෙන්ම අවශ්‍ය පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව පිවිසීම සඳහා තමන්ගේ මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්වීමට සූදානම් බව ඔහු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබිණි.
More from GossipMore posts in Gossip »
More from PoliticalMore posts in Political »