ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නම්‍යශීලි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයත් සමග ඉදිරි දෙදින තුළ ඖෂධ මිල ඉහළ දමන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ඒ සඳහා මේ වනවිට නිර්දේශ ලබාදී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
මේ අතර විදේශ විනිමය අර්බුදය මත ඖෂධ ආනයනය සීමාවීම හේතුවන් රට පුරා ඔසුසැල් තුළ ඖෂධ හිඟයක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමයේ සභාපති කපිල ද සොයිසා මහතා,
“ඖෂධ බෙදාහරින්න තත්ත්වයක් නෑ. ඖෂධ සැපයුම්කරුවෝ ඖෂධ ලබාදෙන්නේ නෑ. ඔවුන්ගෙන් ඇහුවාම කියන්නේ විනිමය ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා සමහර ඖෂධ ගෙන්වන්නේ නෑ කියලා. පෙර සූදානමක් නොවිච්ච එක තමයි ගැටලුව.”
ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,
“ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ ආනයනය කරන සමාගම් යම් බියක් දක්වනවා ආනයන කරන්න. ඔවුන් සමග සාකච්ඡා කරලා විසඳුමකට එනවා.”
ඒ අනුව ඉදිරි දෙදින තුළ ඖෂධවල මිල ගණන් ඉහළ යා හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා,
“යම් ප්‍රමාණයක ඖෂධ මිල වැඩි කිරීමක් අපි නිර්දේශ කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි කොතරම් ප්‍රමාණයකින් මිල වැඩිවෙනවා ද කියලා. ඉදිරි දවස් දෙක හෝ ලබන සතියේ මුල ඖෂධ මිල යම් ප්‍රමාණයක වැඩිවීමක් වෙන්න පුළුවන්.”