ගැහුණු ළමයි ලස්සනට ඉන්න කැමති කොට්ඨාශයක්. ඉතිං එයාලා එයාලගේ ශරීරය ගැන වැඩිපුර හිතනවා.
කාන්තාවන්ගේ ලස්සන කියන්න ලස්සන කියන පොතේ එක පිටුවක් තමයි ඇගපත සාමාන්‍ය ප්‍රමාණයට තියා ගැනීම කිව්වොත් නිවැරදියි.
ඉතිං ඕනවට වඩා කෙට්ටු වුනොත් ඒක එච්චර හොද දෙයක් නෙමෙයි මොකද තරුණයෙක් වුනොත් දෙපාරක් හැරිලා බලන්නේ පොඩ්ඩක් ලස්සන ඇගපතක් තියෙන තරුණියන්ව.
කාන්තාවන්ට කෙට්ටුවෙන් මිදෙන්න වෙළෙද පොළේ ෆාමසිවල එක එක වර්ගයේ පිටි වර්ග පෙති වර්ග පැණි වර්ග තියෙනවා.
අපි වෙනදා කියනවා වගේ ඒවා කොයිතරම් දුරට හොදද නරකද කියන්න අපි දන්නේ නෑ.
ඒත් විශ්වාසයෙන් කියන්න පුළුවන් දෙයක් තමයි දේශීය අත්වෙදකම් වලින් නම් කවදාවත් ඔයාලගේ ශරීරයට හානියක් වෙන්‌නේ නැහැ.
මෙන්න වට්ටෝරුව..
රට ඉදි
උඳුපිටි
අලු කෙසෙල්
මී පැණි
ගිතෙල්
එළකිරි
රටඉදි, උඳුපිටි සහ අලු කෙසෙල් සමව බර ප්‍රමාණයකට ගන්න. උදාහරණයක් විදිහට රටඉදි ග්‍රෑම් 100යි උදුපිටි ග්‍රෑම් 100යි අලු කෙසෙල් ග්‍රෑම් 100ක් අරගෙන එකට අරගෙන අඹරන්න.
ඒකට හොදින් මී පැණි හා ගිතෙල් කලවං කරන්න.
ඊට පස්සේ භාජනයක දමන්න.
වරකට කලං දෙක බැගින් උදේ සවස අනුභව කරන්න.
එය අනුභව කරන ගමන් එළකිරි වීදුරුවකුත් බොන්න.
දින කිහිපයක් මෙය අත්හදා බලන්න එතකොට ඔයාට වෙනස දැකගන්න පුළුවන්.