Press "Enter" to skip to content

ධාතු ශක්තිය වැඩිකර ගන්න රස කෑමක්

අද කාලේ තරුණයින්ගේ මෙන්ම වැඩිහිටි පිරිමින්ට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ ධාතු ශක්තිය.

ඒකට ලොකු හේතුවක් තියෙනවා, වස විෂ ඇති ආහාර අනුභව කිරීම.

ඒ කාලේ අපේ සීයලාට දරුවන් 7ක් 8ක්ම හිටියා කියලා අපි කියනවා, ඒත් දැන් කාලේ ඉන්නේ දරුවෝ එක්කෙනයි දෙන්නයි, ඒකා හදාගත්තේ දොස්තරලා ළගට ගිහින් බෙහෙත් වර්ග බීලා කියලා අද කාලේ තරුණ අම්මලා තාත්තලා කියනවා.

ඔව්, ඒක ප්‍රධාන හේතුවක් තමයි ධාතු ශක්තිය.

ඉතිං විවාහක තරුණයින්ගේ මෙන්ම වැඩිහිටි පිරිමි පුද්ගලයින්ටත් තමන්ගේ ධාතු ශක්තිය වැඩි කර ගන්න පුළුවන් හොද ක්‍රමයක් තමයි අපි අද කියන්න යන්නේ.

ධාතු ශක්තිය වැඩිවීමට ඔබ කළ යුතු දේ

රට ඉදි ඇට හැර රාත්තලක් පමණ ගෙන කට ලොකු බෝතලයකට දමා පිරිසිදු මී පැණි බාගයක්ද දමා කලතන්න.

හුලං නොවදින සේ හොදින් මූඩිය වසා සතියක් තියන්න.

දිනපතා උදේ රට ඉදි සහිත පැණි මේස හැන්දක් කා කිරි, බාර්ලි හෝ කොත්තමල්ලි තැම්බූ වතුර බොන්න.

හැබයි මේ රට ඉදි කන්න ඕනෙ උදෑසන ආහාරයට කළින්.

  • මෙය පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයකි…

Published in Gossip and Health