ආන්දෝලනාත්මක තීරණය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තහවුරු කළ අතර භානුක ඉල්ලා අස් වීමේ ලිපිය ද භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා.
භානුක රාජපක්ෂ පසුගිය කාලයේ ක්‍රිකට් ලෝකය තුළ විශේෂයෙන් කතාබහට ලක් වූ ක්‍රීඩකයෙක්වන අතර ඔහු ජාත්‍යන්තර එක්දින වරම් ලබා මේවන විට ගෙවී ඇත්තේ මාස කිහිපයක් පමණ යි.
ක්‍රිකට් ආයතනය කියන දේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ පෞද්ගලික හේතු මත තමන් ඉල්ලා අස්වන බව භානුක රාජපක්ෂ දැනුම් දුන් බව යි.
“මම ක්‍රීඩකයෙකු වගේම ස්වාමිපුරුෂයකු ලෙසින් මෙම තීරණය ගනු ලැබුවා. මම මේ තීරණය ගනු ලැබුවේ පිය පදවියත් එක්කම වූ ඒ ආශ්රිත පවුලේ වගකීමේ අපේක්ෂාවෙන්” ලෙසට භානුකගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන්ව ඇති බව එම ආයතනය පවසනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවාය යන්න සිය ප්‍රාර්ථනාව බවට භානුක වැඩිදුරටත් සටහන් තබා ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
ඇත්ත හේතුව වෙන දෙයක්?
කෙසේ වෙතත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් ක්‍රීඩා අංශයට මීට වෙනස් වූ කරුණක් ද වාර්තා වූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා (07) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර භානුකගේ ඉල්ලා අස්වීම සමග එහි සබඳතාවක් ඇති බව පැවසෙනවා.
මෙහි දී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලන කඩඉම් තවත් දැඩි කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව සඳහන්.
යෝග්‍යතා පරීක්ෂණයේ දී දිවීමට ඇති කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය සඳහා දී ඇති කාලය මිනිත්තු 8කුත් තත්පර 10ක් දක්වා තවදුරටත් අඩු කිරීමට යි ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත්තේ.
මීට පෙර ඒ සඳහා දී තිබූ කාලය වූයේ මිනිත්තු 8කුත් තත්පර 35ක කාල පරාසයක්.
එපමණක් නොව ස්කින් ෆෝල්ඩ්ස් (Skin Folds) අගය 80 සිට 70 දක්වා අඩු කිරීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇති බව වාර්තා වෙනවා.
මේවන විට භානුක සිටින මට්ටමට අනුව මෙම නව නිර්ණායකවලට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමට ඔහුට නොහැකි වනු ඇති බව පුවත් වාර්තා සඳහන් කරන අතර කෙසේ හෝ මෙම පරීක්ෂණය සමත්වීම සඳහා තම ශාරීරික යෝග්‍යතාව සකසා ගතහොත් එය සිය ප්‍රවේගකාරී පිතිහරඹයට බාධාවක් විය හැකි බවට භානුක පවසා ඇති බව ද අප වෙත වාර්තා වූවා.