තමන් අවුරුදු 12ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවත්, තවත් වයසට යනකන් ක්‍රීඩා කලානම් තරුණ ක්‍රීඩකයින්ට රට අතහැර යාමට සිදුවන්නට තිබූ බව Jaffna Kings නායක තිසර පෙරේරා කියා සිටියේය.
තිසර එසේ කියා සිටියේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අවසන් වටයට තේරීපත් වූ Jaffna Kings හෙට (23) පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදී “එල්පීඑල් පුරා ලකුණු ගැහුව තිළිණ ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ඉක්මන් වැඩිනැද්දැයි” යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම කාලය තුළ තමන්ට හැකි උපරිමයෙන් කණ්ඩායම සහ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් කටයුතු කළ බවත් ඔහු එහිදී වැඩිදුරටත් කීය.
කෙසේවුවද, එල්පීඑල් තරඟාවලිය හරහා තරුණ ක්‍රීඩකයින් සමග තමන්ගේ අද්දැකීම් බෙදා හදා ගැනීමට ඉඩ ලැබුණු බවද කී ඔහු තරුණ ක්‍රීඩකයන්ට එසේ උදව් කරන්න ලැබීම සතුටක් බවද පැවසීය.