Press "Enter" to skip to content

කාගෙවත් උදව් නැතුව වැඩේ කරන්න අමාරුයි

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් වියයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) පෙරවරුවේ පැවැති 96වන විසිරයාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.