Press "Enter" to skip to content

ලංකාවේ වාහන අලෙවි සියයට 50කින් පහළට

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙරට ආර්ථිකය කඩා වැටීමත් සමග වාහන ආනයනය නතර කිරීමත් සමග මෙරට තුළ භාවිතා කළ මෝටර් රථ ඇතුළු වාහනවල මිල කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනෙක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වාහන මෙරටට ආනයනය කිරීම තවත් වසරකින් කල් දැමීමත් සමග භාවිතා කරන වාහනවල මිල තවත් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් අද වන විට මෝටර් රථවල මිල අහස උසට ඉහළ ගොස් ඇති බව වාහන සිහිනයේ සිටින ජනතාව සදහන් කරයි.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අඩුම මිලට තිබූ සුසූකි ඇල්ටෝ මෝටර් රථයක මිල මේ වන විට රුපියල් ලක්ෂ 30 ඉක්මවා ඇති බවයි.

ඒ අනුව ජපන් වාහනයක මිල ගැන තවත් කවර කතාද යනුවෙන් ඔවුන් පෙන්වා දෙයි.