Press "Enter" to skip to content

පෙම්වතිය දූෂණය කර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරලා

ඔක්කම්පිටිය පොලිස් වසමේ පදිංචි තරුණියක ලැඟුම් හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඇයගේ සැකකාර පෙම්වතා පෙරේදා (06 දා) මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කොළඹ ප‍්‍රදේශයේ සැඟවී සිටියදී උපාය දූතියක මගින් අදාළ තරුණිය ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාදී ඔහු ඔක්කම්පිටිය ප‍්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ.

එසේ පැමිණි අවස්ථාවේදී මග රැකසිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ස්ත‍්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධ පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

ඔහු විසින් පෙම්වතියන් කිහිපදෙනකුගේ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශන ලබාගෙන ඥාතීන්ට සහ අන්තර්ජාලයට මුදාහල බවට තොරතුරු ලැබී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බුත්තල පොලිසියට භාරදී ඇත. මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක, පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන නවරත්න, අබේරත්න, විජේවික‍්‍රම, පොලිස් කොස්තාපල්වරුන් වන (1607) සනත්, (40871) අබේවර්ධන, (40885) ජයවර්ධන, (61433) අමිල, (86642) සුරේෂ් යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

More from GossipMore posts in Gossip »