Press "Enter" to skip to content

සතියට වැඩ කරන දින ගණන අඩු වෙයි

ජනවාරි සිට වෙනස් වෙන වැඩ කරන සතිය

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු කළ පලමු රට බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පත්ව තිබේ.

ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක් – සෙනසුරාදා සහ ඉරිදා යි.

ජනවාරි පළමුවනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර සිකුරාදා දිනවල එය පෙරවරු 07.30 සිට පස්වරු 12.00 දක්වා පැය 4 හමාරකට සීමාවනු ඇත.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි ඔවුන් නව සැළසුම ප්‍රකාශයට පත් කර ඇත

More from GossipMore posts in Gossip »