අවුරුදු 2ත් 3ත් අතර වයසේ පසුවන කුඩා දැරියන් දෙදෙනෙක්ව අනාරක්ෂිතව මහමඟ දමා ගොස් සිටියදී හමුවී තිබේ.
අඟුරුවාතොට යාල ප්‍රදේශයේදී අගුරුවාතොට පොලීසිය විසින් එම දැරියන් දෙදෙනාව සොයාගෙන ඇත.
එම දැරියන්ගේ මව තම සැමියා අතහැර දරුදෙදෙනා හා වෙනත් පුරුෂයකු සමඟ අඟුරුවාතොට ප්‍රදේශයට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව, විවිධ ස්ථානවල රැඳී සිටිමින් කාලය ගතකර ඇති ඔවුන් අවසානයේ මෙම දරුදෙදෙනා දමාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.






