Press "Enter" to skip to content

දරුවන් පස් දෙනා කැලේ දමා මව හොර මිනිහා එක්ක යයි

වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

කැලෑ බද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයගොස් දරුවන් පස් දෙනා පොලිසිය බාරයට ගෙන ඇත. ඒ වන විට ඔවුන් දින දෙකක් තිස්සේ නිරාහාරව සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එම දරුවන් පස් දෙනා අවුරුදු 12 – 02 අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.

දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බවත් පදමට මත් වී නිවසේ නිදා සිටියදී දරුවන් ද අතරමං කර 35 හැවිරිදි අයකු හා පැන ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.පොලිස් බාරයට ගත් දරුවන් පරිවාස බාරයට පත් කරන තෙක් දරුවන්ගේ ලොකු අම්මා බාරයට පත් කර ඇත.

More from GossipMore posts in Gossip »