එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාවක්
මුල්වරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා.
මෑත කාලීනව එරට තුළ කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවයි.
නව ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමකට හේතුවිය හැකි බවට බලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර එක්සත් රාජධානිය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ ඉන් බහුතරය පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටින පුද්ගලයින් බවයි.
ඒ අතර වේල්සයේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා අද වාර්තා වුණි.නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් රාජධානිය දැනටමත් නව ප්‍රභේදයේ ග්‍රහණයට නතු වෙමින් පවතින බවයි.
Published in Health