Press "Enter" to skip to content

ශ්‍රී ලාංකිකයෙක්ව පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය කර ගිනි තියලා

පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනයවී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත.

පාකිස්තානයේ පන්ජාබ් හි සියල්කොට් නගරයේදී ඔහුට එම ප්‍රහාරය එල්ලවී තිබේ.

විශාල පිරිසක් විසින් ඔහුට පහරදී ඝාතනය කර සිරුර පුළුස්සා ඇති බව පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පන්ජාබ් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.