Press "Enter" to skip to content

ලොවම අප්‍රිකාවට බිය වෙද්දී ශ්‍රී ලංකා භට පිරිසක් විශේෂ මෙහෙයුමකට අප්‍රිකාව වෙත

මේ දිනවල අප්‍රිකා මහාද්වීපය පිළිබඳ බොහෝ සෙයින් කතාබහට ලක්ව ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගත් එම ප්‍රභේදය මේවන විට අප්‍රිකානු රටවල්වල පමණක් නොව ලොව විවිධ රටවල්වලින් හමුවෙමින් පවතිනවා.

කෙසේ වෙතත් ආරක්ෂිත පියවරක් ලෙස ලොව බොහෝ රටවල් අප්‍රිකා මහාද්වීපයේ රටවල් කිහිපයක් වෙත සංචාරක තහනම් පනවා තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් ලොව හමු වූ වඩාත් විකෘති වූ කොවිඩ් 19 ප්‍රභේදයවන අතර ඒ නිසාම එය වඩාත් භයානක විය හැකි බවට යි විද්‍යාඥයින් මත පළ කරන්නේ.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භට පිරිසක් අප්‍රිකානු මහාද්වීපයේ විශේෂ මෙහෙයුම් සඳහා අද (30) දහවල් පිටත්ව ගියා.

110 දෙනෙකුගෙන් සමන්විත මෙම භට පිරිස මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී සඳහා යි මෙලෙස පිටව ගොස් ඇත්තේ.

මෙම පිරිස අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 20 සහ අනෙකුත් නිලධාරීන් 90 දෙනෙකු සිටිනවා.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ වින්ග් කමාන්ඩර් සම්පත් ලියනාරච්චි මහතා විසින්.

මෙම භට පිරිස රැගෙන යාම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙරට ගුවන් හමුදා භට පිරිසක් මේවන විටත් අප්‍රිකා මහාද්වීපයේ මෙහෙයුම්වල නිරතව ඇති අතර එම පිරිස සිය සේවා කාලය නිම කොට යළි පැමිණීමට නියමිත යි.

More from GossipMore posts in Gossip »